ඇනියුරිසම්
(Aneurysm)

ඇනියුරිසම් යනු කුමක්ද?

ඇනියුරිසම් යනු ධමනියක් වැනි රුධිර වාහිනියක බිත්තියේ ඇතිවන අසාමාන්‍ය ඉදිමීමක් හෝ පිපිරීමකි. එය රුධිර වාහිනී බිත්තියේ ඇතිවන දුර්වල ස්ථානයකින් ආරම්භ වන අතර, කාලයත් සමඟ රුධිර පීඩනය නිසා එය බැලූනයක් මෙන් ඉදිමී යයි.

රෝග ලක්ෂණ

ඇනියුරිසම් එකක් ඉතා විශාල වන තෙක් හෝ එය පිපිරී යන තෙක් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්විය හැක. රෝග ලක්ෂණ රඳා පවතින්නේ බලපෑමට ලක් වූ රුධිර වාහිනිය මතය.

ඇතිවීමට හේතු

  • වසර ගණනාවක් තිස්සේ පවතින අධික රුධිර පීඩනය (Hypertension).
  • රුධිර වාහිනී බිත්ති වල මේදය තැන්පත් වීම (Atherosclerosis).
  • උරුමයෙන් එන ජානමය රෝග.
  • අනතුරු හෝ තුවාල.

සංකූලතා

ප්‍රතිකාර නොකළහොත් පහත සඳහන් සංකූලතා ඇතිවිය හැක:

  • ඇනියුරිසම් එක තුළ රුධිර කැටි ගැසීම.
  • අසල ඇති ස්නායු තෙරපීම.
  • රුධිර සංසරණයට බාධා ඇති වීම.

රෝග විනිශ්චය සහ ප්‍රතිකාර

ශාරීරික පරීක්ෂණ, X-ray, Ultrasound, CT scan හෝ MRI පරීක්ෂණ මගින් මෙය හඳුනාගත හැක. බොහෝ විට ඇනියුරිසම් සහිත කොටස ඉවත් කර වෙනත් රුධිර වාහිනියකින් ලබාගත් බද්ධයක් (Graft) මගින් එය නැවත සකස් කරනු ලැබේ.

< රුධිර වාහිනී ආබාධ ධමනි තුවාල >