බ්‍රැචිඩැක්ටිලි යනු කුමක්ද?
බ්‍රැචිඩැක්ටිලි යනු අසාමාන්‍ය ලෙස කෙටි ඇඟිලි පවතින තත්ත්වයකි. "බ්‍රැචි" (Brachy) යනු ග්‍රීක භාෂාවෙන් "කෙටි" යන්නයි. "ඩැක්ටිලි" (Dactyly) යන්නෙන් "ඇඟිලි" යන්න අදහස් වේ. මෙහිදී ඇඟිල්ලක ඇති අස්ථි එකක් හෝ වැඩි ගණනක් ප්‍රමාණයෙන් කුඩා වේ. මෙය තනිවම හෝ වෙනත් උපත් ආබාධ (Syndromes) සමඟ සම්බන්ධව හෝ යම් අනතුරක් නිසා සිදුවිය හැක.
මෙහි ලක්ෂණ මොනවාද?
ඇඟිලි කෙටි වීමේ ස්වභාවය දරුවාගෙන් දරුවාට වෙනස් විය හැක. සාමාන්‍ය ඇඟිල්ලක අස්ථි තුනක් පවතී. බ්‍රැචිඩැක්ටිලි තත්ත්වයේදී බොහෝ විට බලපෑමට ලක් වන්නේ මැද ඇති අස්ථියයි.
ප්‍රතිකාර ක්‍රම
බොහෝ විට මෙම තත්ත්වය සහිත රෝගීන්ගේ අත් වල ක්‍රියාකාරිත්වය සාමාන්‍ය පරිදි පවතී. එබැවින් බොහෝ දෙනෙකුට විශේෂ ප්‍රතිකාර අවශ්‍ය නොවේ. ඇඟිලි දිගු කිරීමේ සැත්කම් සිදු කරනු ලබන්නේ ඇඟිලි වල ක්‍රියාකාරිත්වයට හෝ පෙනුමට දැඩි බාධාවක් පවතී නම් පමණි.