අස්ථි ගෙඩි
(Aneurysmal Bone Cysts - ABC)

ABC යනු කුමක්ද?

Aneurysmal Bone Cyst (ABC) යනු අස්ථියක් ඇතුළත ඇතිවන පිළිකාමය නොවන (Benign) ගෙඩියකි. සාමාන්‍යයෙන් මෙම ගෙඩි ඇතිවන්නේ අතේ හෝ බාහුව, කලව සහ කෙණ්ඩ ප්‍රදේශයේ ඇති දිගු අස්ථි වලය. අතේ ඇතිවන මෙවැනි ගෙඩි ප්‍රමාණය සියලුම ABC ගෙඩි වලින් 3% - 5% ක් පමණ වේ.

ප්‍රධාන රෝග ලක්ෂණ

  • කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වීම.
  • අදාළ ඇඟිල්ල මහත් වීම (Thickening).
  • තුවාලයක් හෝ අනතුරක් සිදු වූ පසු වේදනාව ඇතිවීම.

මෙය බහුලවම දක්නට ලැබෙන්නේ වයස අවුරුදු 10 - 20 අතර කාලයේදීය. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම මෙය සමානව බලපායි. අතේ මැණික් කටුව සහ ඇඟිලි අතර ඇති අස්ථි (Metacarpals) මෙහිදී වැඩිපුරම පීඩාවට පත් වේ. බොහෝ විට මෙම ගෙඩි දරුණු නොවන අතර අවට පටක වලට පැතිර යන්නේ නැත.

ප්‍රතිකාර සහ අධීක්ෂණය

අතේ ඇතිවන මෙවැනි ගෙඩි සඳහා සාමාන්‍යයෙන් කරනු ලබන ප්‍රතිකාරය වන්නේ Curettage (ගෙඩිය හාරා ඉවත් කිරීම) සහ අස්ථි බද්ධ කිරීමයි (Bone grafting). අස්ථි බද්ධ කිරීම ගෙඩිය ඉවත් කරන අවස්ථාවේදීම හෝ පසුව සිදු කළ හැක.

< අතේ ඇතිවන චර්ම ගෙඩි එන්කොන්ඩ්‍රෝමා (Enchondromas) >