අපගේ දෛනික වැඩ කටයුතු සඳහා ඇඟිලි අත්‍යවශ්‍ය වේ. එබැවින් විවිධ අවස්ථාවලදී අපගේ ඇඟිලි තුවාල වීමට ඇති ඉඩකඩ වැඩිය.
ඇතැම් තුවාල වලදී ඇඟිල්ලේ පටක අහිමි වීම නිසා ඇඟිල්ල කෙටි වීමට හෝ එදිනෙදා වැඩ කිරීමට අපහසු වීමට ඉඩ ඇත.
තුවාල වූ ඇඟිල්ල නැවතත් සාමාන්‍ය හැඩයට සහ ක්‍රියාකාරීත්වයට පත් කිරීමට ක්‍රොස් ෆින්ගර් ෆ්ලැප් සැත්කම උපකාරී වේ.
ෆ්ලැප් (Flap) යනු සම සහ ඒ යට ඇති මේදය හා පටක වේ. මෙම සැත්කමේදී තුවාල වූ ඇඟිල්ලට යාබදව ඇති ඇඟිල්ලෙන් පටක ලබා ගන්නා බැවින් මෙය "ක්‍රොස් ෆින්ගර්" (Cross finger) ෆ්ලැප් සැත්කම ලෙස හැඳින්වේ. මෙය ඇඟිලි තුඩු වල ඇතිවන තුවාල ප්‍රතිසංස්කරණය කිරීමට ඉතා සාර්ථක ක්‍රමයකි.
