ෆ්ලැප් (Flap) යනු කුමක්ද?
ෆ්ලැප් සැත්කම යනු ශරීරයේ එක් ස්ථානයකින් නිරෝගී ජීවී පටක ලබාගෙන තවත් ස්ථානයකට ගෙනයාමයි. මෙය සාමාන්‍යයෙන් සිදු කරන්නේ සම, මේදය, මාංශ පේශි හෝ අස්ථි අහිමි වූ ප්‍රදේශ ප්‍රතිසංස්කරණය කිරීමටයි. තුවාලයේ ස්වභාවය සහ ස්ථානය අනුව විවිධ ෆ්ලැප් සැත්කම් ක්‍රම භාවිතා කරනු ලැබේ.
ෆ්ලැප් වර්ග
- Local flap: තුවාලයට යාබදව ඇති පටක භාවිතා කිරීම. මෙහිදී පටකයේ එක් කෙළවරක් ශරීරයට සම්බන්ධව පවතින බැවින් රුධිර සැපයුම ආරක්ෂා වේ.
- Regional flap: ශරීරයේ අදාළ ප්‍රදේශයට ආසන්න වෙනත් ස්ථානයකින් පටක ලබා ගැනීම. (උදා: Cross finger flap).
- Distant Flap: ශරීරයේ ඈත ස්ථානයකින් පටක ලබා ගැනීම.
- Musculocutaneous flap: මාංශ පේශි සහ සම යන දෙකම බද්ධ කිරීම. මෙය වැඩි රුධිර සැපයුමක් අවශ්‍ය විශාල හිඩැස් සඳහා භාවිතා කරයි.
- Microvascular free flap: පටකය සහ එහි රුධිර වාහිනී ශරීරයෙන් සම්පූර්ණයෙන්ම වෙන් කර නව ස්ථානයේ ඇති රුධිර වාහිනී සමඟ ක්ෂුද්‍ර සැත්කම් මගින් සම්බන්ධ කිරීම.
