මැක්‍රොඩැක්ටිලි යනු කුමක්ද?
මැක්‍රොඩැක්ටිලි යනු දරුවෙකු ඉපදීමේදී හෝ ජීවිතයේ මුල් වසර කිහිපය තුළදී ඇඟිල්ලක් හෝ ඇඟිලි කිහිපයක් අසාමාන්‍ය ලෙස විශාල වීමේ තත්ත්වයකි.
මෙම තත්ත්වයට හේතුව කුමක්ද?
බොහෝ අවස්ථාවලදී මෙය අහඹු ලෙස (Sporadically) සිදු වේ, එනම් පවුලේ අනෙකුත් සාමාජිකයන්ට මෙවැනි තත්ත්වයන් නොතිබිය හැක. සමහර අවස්ථාවලදී මෙය නියුරෝෆයිබ්‍රොමැටෝසිස් (Neurofibromatosis) වැනි ජානමය රෝග හෝ වෙනත් සින්ඩ්‍රෝම සමඟ සම්බන්ධ විය හැක.
මෙම රෝගී තත්ත්වය පෙන්නුම් කරන්නේ කෙසේද?
මෙය සාමාන්‍යයෙන් බලපාන්නේ එක් අතකට පමණි. බොහෝ විට ඇඟිලි එකකට වඩා බලපෑමට ලක් වේ. විශේෂයෙන් දබර ඇඟිල්ල, මහපටැඟිල්ල හෝ මැද ඇඟිල්ල සමඟ එක්ව විශාල වීම බහුලව දක්නට ලැබේ. කාලයත් සමඟ ඇඟිලි වල ප්‍රමාණය වැඩි වන අතර ඒවා එක් පැත්තකට ඇල වීම හෝ වක්‍ර වීම සිදු වේ. මේ නිසා කාලයත් සමඟ ඇඟිලි වල ක්‍රියාකාරිත්වය දුර්වල විය හැක.
ප්‍රතිකාර ක්‍රම මොනවාද?
මැක්‍රොඩැක්ටිලි තත්ත්වය නිසා ඇඟිලි වල පෙනුම විකෘති වන බැවින් දරුවන් සමාජීය වශයෙන් යම් අපහසුතා වලට මුහුණ දිය හැක. ශල්‍යකර්ම කිරීමේ අරමුණ වන්නේ ඇඟිලි වල ක්‍රියාකාරිත්වය සහ පෙනුම වැඩි දියුණු කිරීමයි. ශල්‍යකර්ම ප්‍රධාන වශයෙන් වර්ග තුනකි:
1. ඇඟිලි වල අඛණ්ඩ වර්ධනය සීමා කරන සැත්කම්.
2. ඇඟිලි වල ප්‍රමාණය අඩු කරන සැත්කම්.
3. ඇඟිලි වල වක්‍ර බව නිවැරදි කරන සැත්කම්.
ශල්‍යකර්මයකින් පසු ඇඟිලි වල ක්‍රියාකාරිත්වය සහ පෙනුම වැඩි දියුණු කළ හැකි වුවද, ඇඟිලි සම්පූර්ණයෙන්ම සාමාන්‍ය ඇඟිලි ලෙස පෙනෙන්නට සැලැස්වීම අපහසු විය හැක.