ශ්වානෝමා
(Schwannoma)
සාමාන්‍ය විස්තර
- ශ්වානෝමා යනු ස්නායු කොපුවල (Nerve sheath) ඇතිවන හානිකර නොවන (Benign) ගෙඩි වර්ගයකි. මේවා ඉතා සෙමින් වර්ධනය වන අතර ස්නායු කෙඳි පසෙකට තල්ලු කරයි.
- මෙම ගෙඩි ඇතිවන්නේ ස්නායු සෛල වටා පවතින "ශ්වාන් සෛල" (Schwann cells) ආශ්‍රිතවය. මේවා ස්නායු නැවත වර්ධනය වීමට (Regeneration) වැදගත් වේ.
- බොහෝ විට මීට හේතුව නොදන්නා අතර, කලාතුරකින් විකිරණ වලට නිරාවරණය වීම මීට බලපෑ හැක.
රෝග ලක්ෂණ සහ රෝග විනිශ්චය
- අවට ඇති ස්නායු තෙරපීම නිසා ඇතිවන වේදනාව හෝ ස්නායු ක්‍රියාකාරිත්වයේ සුළු ගැටළු ප්‍රධාන ලක්ෂණ වේ.
- අතේ මතුපිට ඇතිවන විට ගැටිත්තක් ලෙස දැකිය හැකි අතර, එය මත හිරිවැටීමක් (Tingling sensation) දැනිය හැක.
- ගැඹුරින් පවතින ස්නායු වල ඇතිවන විට මෙය හඳුනාගැනීම තරමක් ප්‍රමාද විය හැක.
ප්‍රතිකාර සහ ප්‍රතිඵල
- රෝග ලක්ෂණ පවතී නම් සැත්කමක් මගින් ගෙඩිය ඉවත් කරනු ලැබේ.
- බොහෝ විට සැත්කමෙන් ස්නායුවට හානියක් සිදු නොවේ. සම්පූර්ණයෙන් ඉවත් කළ පසු නැවත ඇතිවීමේ ප්‍රවණතාව ඉතා අඩුය.