ඔස්ටියොයිඩ් ඔස්ටියෝමා
(Osteoid Osteoma)

ඔස්ටියොයිඩ් ඔස්ටියෝමා යනු කුමක්ද?

ඔස්ටියොයිඩ් ඔස්ටියෝමා යනු හානිකර නොවන (Benign) අස්ථි ගෙඩි වර්ගයකි. මෙම ගෙඩි වලින් 5% - 15% ක් පමණ අතේ සහ මැණික් කටුවෙහි ඇතිවිය හැක.

රෝග ලක්ෂණ

සාමාන්‍යයෙන් වයස අවුරුදු 20 - 40 අතර පුද්ගලයන් තුළ මෙය දක්නට ලැබේ. ප්‍රධාන ලක්ෂණය වන්නේ දිගින් දිගටම පවතින මද වේදනාවයි (Dull ache). වේදනා නාශක ඖෂධ මගින් මෙම වේදනාව පහව යයි. ඇතැම් විට වේදනාවක් නොමැතිව ඉදිමීමක් පමණක් පවතින අවස්ථා ද ඇත.

රෝග විනිශ්චය සහ ප්‍රතිකාර

සරල X-ray පරීක්ෂණයක් මගින් මෙය හඳුනාගත හැකි වුවත්, ඇතැම් විට CT scan හෝ MRI පරීක්ෂණයක් අවශ්‍ය විය හැක. ප්‍රතිකාරය වන්නේ සැත්කමක් මගින් අදාළ කොටස ඉවත් කිරීමයි (Surgical excision).

< ග්ලෝමස් ගෙඩි ශ්වානෝමා (Schwannoma) >