උල්නර් ස්නායු තුවාල

හැඳින්වීම

මිනිස් අතට සුෂුම්නාවෙන් ප්‍රධාන ස්නායු තුනක් සැපයේ; එනම් මධ්‍ය (Median), උල්නර් (Ulnar) සහ රේඩියල් (Radial) ස්නායු වේ. උල්නර් ස්නායුව මගින් පෙරබාහුවේ මාංශ පේශි (මැණික් කටුව සෙලවීමට උපකාරී වේ), ඇඟිලිවල මාංශ පේශි (සුළැඟිල්ල සහ වෙදැඟිල්ල සෙලවීමට උපකාරී වේ) සහ අත්ලෙහි මාංශ පේශි (සියුම් වැඩකටයුතු සඳහා උපකාරී වේ) පාලනය කරනු ලැබේ. එමෙන්ම එය සුළැඟිල්ලට සහ වෙදැඟිල්ලට ස්පර්ශ සංවේදනය ද ලබා දෙයි.

උල්නර් ස්නායු තුවාල වීමට හේතු

ස්නායුව මතට එල්ල වන සෘජු පහරක්, ස්නායුව තෙරපීමකට ලක්වීම හෝ කැපුම් තුවාල නිසා උල්නර් ස්නායුවට හානි සිදුවිය හැක. උල්නර් ස්නායුවට හානි වූ විට ඇඟිලි සහ අත්ල සෙලවීමේ අපහසුව මෙන්ම සංවේදනය නැති වී යාම ද සිදුවේ.

ප්‍රතිකාර

මෙවැනි තුවාල සඳහා ප්‍රතිකාර කිරීම තුවාලය සිදු වූ ආකාරය මත රඳා පවතී. අලුතින් සිදු වූ කැපුම් තුවාල ක්ෂුද්‍ර දර්ශක (Microscope) ආධාරයෙන් අලුත්වැඩියා කරනු ලැබේ. කල්ගත වූ තුවාල සඳහා ස්නායු බද්ධ කිරීම් (Nerve grafts) හෝ ආබාධය නිවැරදි කිරීම සඳහා කණ්ඩරා මාරු කිරීම් (Tendon transfers) අවශ්‍ය විය හැක.

< ළමුන්ගේ අත් ආශ්‍රිත අස්ථි බිඳීම කණ්ඩරා මාරු කිරීම් >