ක්ලිනොඩැක්ටිලි
(Clinodactyly)

ක්ලිනොඩැක්ටිලි සහ කර්නර් විකෘතිය (Kirner deformity) යනු කුමක්ද?

මෙම රෝගී තත්ත්වයන්හිදී ඇඟිලි වල යම් ඇල වීමක් හෝ වක්‍ර වීමක් දැකිය හැක.

ක්ලිනොඩැක්ටිලි සහ කර්නර් විකෘතිය අතර වෙනස කුමක්ද?

ක්ලිනොඩැක්ටිලි හිදී ඇඟිල්ල එක් පැත්තකට ඇල වේ (උදාහරණයක් ලෙස කුඩා ඇඟිල්ල වෙදැඟිල්ල දෙසට ඇල වීම). කර්නර් විකෘතියේදී ඇඟිලි තුඩ අල්ල දෙසට නැවේ.

ඇඟිලි මෙලෙස ඇල වීමට හේතුව කුමක්ද?

මෙය සිදුවන්නේ ඇඟිල්ලේ ඇති එක් අස්ථියක හැඩය අසාමාන්‍ය වීම සහ එය ප්‍රමාණයෙන් කුඩා වීම නිසාය. මෙය බොහෝ විට පවුල් වල පරම්පරාවෙන් උරුම වන අතර (Hereditary) අත් දෙකටම බලපානු ලබයි.

මෙහි ප්‍රතිකාර ක්‍රම මොනවාද?

මෙම විකෘතිය සහිත බොහෝ දරුවන්ට තම අත් වලින් වැඩ කිරීමේ කිසිදු අපහසුවක් ඇති නොවේ. ඇඟිල්ලේ ක්‍රියාකාරිත්වය සාමාන්‍ය පරිදි පවතී නම් කිසිදු ප්‍රතිකාරයක් අවශ්‍ය නොවේ. ප්‍රතිකාර ලබා දෙනු ලබන්නේ ඇඟිල්ලේ ඇල වීම ඉතා බරපතල නම් හෝ එය අනෙකුත් ඇඟිලි වල ක්‍රියාකාරිත්වයට බාධාවක් වන්නේ නම් පමණි.

< මිරර් හෑන්ඩ් කැම්ප්ටොඩැක්ටිලි (Camptodactyly) >