මිරර් හෑන්ඩ්
(Mirror Hand)

මිරර් හෑන්ඩ් යනු කුමක්ද?

මිරර් හෑන්ඩ් (Mirror Hand) යනු ඉතා දුර්ලභ උපත් ආබාධයකි.

මෙහි ලක්ෂණ මොනවාද?

මෙය අතේ ඇඟිලි සමමිතික ලෙස දෙබල වීම මගින් සංලක්ෂිත වේ. සාමාන්‍යයෙන් අතේ මැද ඇඟිල්ලක් සහ දෙපස ඇඟිලි තුන බැගින් පවතින සේ මෙය පිහිටයි. මෙහිදී ඇඟිලි හතක් තිබුණද, මහපටැඟිල්ලක් නොමැත.

අපගේ බාහුවේ අස්ථි දෙකක් පවතී; එනම් රේඩියස් (Radius) සහ උල්නා (Ulna) ය. මිරර් හෑන්ඩ් තත්ත්වය සහිත දරුවන්ගේ බාහුවේ රේඩියස් අස්ථියක් නොමැති අතර ඒ වෙනුවට උල්නා අස්ථි දෙකක් පවතී. එබැවින් මෙම තත්ත්වය "Ulnar Dimelia" ලෙසද හැඳින්වේ.

ප්‍රතිකාර ක්‍රම

ප්‍රතිකාර කිරීමේ අරමුණ වන්නේ අතේ ඇති ඇඟිලි ගණන හතරක් දක්වා අඩු කිරීම සහ ඉවත් කරන ලද ඇඟිල්ලක් ආධාරයෙන් මහපටැඟිල්ලක් නිර්මාණය කිරීමයි (Reconstruction).

< පොලිඩැක්ටිලි ක්ලිනොඩැක්ටිලි (Clinodactyly) >