දියවැඩියා පාද ආරක්ෂාව
(Diabetic Footcare)

දියවැඩියා පාද තුවාල ඇතිවීමට හේතු

දියවැඩියාව පවතින පුද්ගලයන්ගේ පාද වල තුවාල ඇතිවීම ඉතා බහුල තත්ත්වයකි. රුධිර සංසරණය දුර්වල වීම සහ ස්නායු වලට හානි සිදු වීම (Neuropathy) නිසා පාද වල සංවේදීතාව අඩු වේ. මේ හේතුවෙන් පාදයේ ඇතිවන සුළු තුවාලයක් පවා හඳුනාගැනීම අපහසු වන අතර ඒවා සුව වීමට ද වැඩි කාලයක් ගත වේ.

රෝග ලක්ෂණ

ස්නායු දුර්වල වීම නිසා බොහෝ විට පාදයේ තුවාලයක් ඇති වූ විට වේදනාවක් දැනෙන්නේ නැත. එබැවින් රෝගීන් තමන්ට තුවාලයක් ඇති බව නොදැන සිටිය හැක. මේ නිසා තුවාලය උත්සන්න වී ආසාදන ඇතිවිය හැක. මේස් වල තැවරෙන රුධිරය හෝ සැරව, සහ තුවාලයෙන් වහනය වන අසාමාන්‍ය ගන්ධය මගින් මෙය හඳුනාගත හැක.

තුවාල වළක්වා ගන්නේ කෙසේද?

  • රුධිරයේ සීනි මට්ටම නියමිත පරිදි පාලනය කර ගැනීම.
  • අධික රුධිර පීඩනය පාලනය කිරීම.
  • මත්පැන් සහ දුම්වැටි භාවිතයෙන් වැළකී සිටීම.
  • කිසිවිටකත් පාවහන් රහිතව (Barefoot) ගමන් නොකිරීම.
  • පාදයට හොඳින් ගැලපෙන පාවහන් පැළඳීම.
  • දිනපතා පාද පරීක්ෂා කිරීම (කැපුම්, ඉදිමීම් හෝ රතු පැහැ වීම් තිබේදැයි බැලීමට).
  • පාද පිරිසිදුව තබා ගැනීම.

ප්‍රතිකාර

පාදයේ තුවාලයක් ඇති වූ විට වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය. නිවසේදී තනිවම ප්‍රතිකාර කිරීමෙන් වළකින්න. තුවාලය සුව වීමට අවශ්‍ය පරිදි සැත්කම්, රුධිර සංසරණය වැඩි දියුණු කිරීමේ ක්‍රම හෝ පටක බද්ධ කිරීම් (Skin graft/Flap cover) අවශ්‍ය විය හැක.

ඇනියුරිසම් (Aneurysm) >