ඇඟිලි අස්ථි බිඳීම

මෙටාකාපල් (Metacarpals) සහ ඇඟිලි අස්ථි (Phalanges) බිඳීම අත් ආශ්‍රිතව සිදුවන බහුලවම දක්නට ලැබෙන අස්ථි බිඳීම් වේ.

මහපටැඟිල්ල හැර අනෙකුත් ඇඟිලි වල අස්ථි තුනක් පිහිටා ඇත: පාදම අස්ථිය (Proximal phalanx), මධ්‍ය අස්ථිය (Middle phalanx) සහ අග්‍ර අස්ථිය (Distal phalanx - මෙය නියපොත්ත යට පිහිටා ඇත).

මහපටැඟිල්ල සතුව ඇත්තේ අස්ථි දෙකක් පමණි.

අස්ථි බිඳීම සිදුවී ඇති ස්ථානය අනුව ඒවා සන්ධි ආශ්‍රිත, අස්ථි ගෙල (Neck), අස්ථි කඳ (Shaft) සහ අස්ථි පාදම (Base) බිඳීම් ලෙස බෙදා දක්වනු ලැබේ.

බොහෝ අස්ථි බිඳීම් සැත්කමකින් තොරව සාර්ථකව කළමනාකරණය කළ හැක.

පහත සඳහන් අවස්ථාවලදී සැත්කමක් සිදු කිරීම කෙරෙහි අවධානය යොමු කෙරේ:

  • සාමාන්‍ය පරිදි පිහිටුවිය නොහැකි අස්ථි බිඳීම්
  • අස්ථි බිඳීම නිසා ඇඟිල්ල කැරකී (Rotation) තිබීම
  • සන්ධි ආශ්‍රිත අස්ථි බිඳීම්
  • විවෘත තුවාල සහිත අස්ථි බිඳීම් (Open fractures)
  • අස්ථි කොටස් අහිමි වී ඇති අවස්ථා
  • අතෙහි බහු අස්ථි බිඳීම් පවතින අවස්ථා
  • රුධිර වාහිනී, කණ්ඩරා, ස්නායු හෝ සමට තදින් හානි සිදුවී ඇති අවස්ථා

සැත්කම් සඳහා විවිධ වර්ගයේ බද්ධ කරන උපකරණ (Implants) භාවිතා කරනු ලැබේ. බහුලව භාවිතා වන ඒවා නම්:

  • Kirschner wires (K-wires)
  • තහඩු සහ ඉස්කුරුප්පු (Plates and screws)
  • ඉස්කුරුප්පු පමණක් (Screws alone)
  • බාහිරින් සවි කරන උපකරණ (External fixator - උදා: JESS fixator, UMEX fixator)
< ඇඟිලි සන්ධි පැනීම මෙටාකාපල් අස්ථි බිඳීම් >