රේඩියල් ස්නායු තුවාල

රේඩියල් ස්නායුව යනු කුමක්ද?

මිනිස් අතට සුෂුම්නාවෙන් ප්‍රධාන ස්නායු තුනක් සැපයේ; එනම් මධ්‍ය (Median), උල්නර් (Ulnar) සහ රේඩියල් (Radial) ස්නායු වේ. රේඩියල් ස්නායුව වැලමිට දිගු කිරීමට (කෙළින් කිරීමට), මැණික් කටුව සහ ඇඟිලි දිගු කිරීමට මෙන්ම අතින් අල්ලාගෙන සිටින යමක් මුදා හැරීමට උපකාරී වේ.

රේඩියල් ස්නායු තුවාල වීමට හේතු

ස්නායුව මතට එල්ල වන සෘජු පහරක්, ස්නායුව තෙරපීමකට ලක්වීම හෝ කැපුම් තුවාල නිසා රේඩියල් ස්නායුවට හානි සිදුවිය හැක. නිදා සිටින විට ස්නායුව තෙරපීමකට ලක්වීම නිසා ඇතිවන "සැටර්ඩේ නයිට් පෝල්සි" (Saturday night palsy) තත්ත්වය, රේඩියල් ස්නායුව සෘජුව තෙරපීමකට ලක්වීම නිසා සිදුවන හානියක් සඳහා පැහැදිලි උදාහරණයකි.

ප්‍රතිකාර

ප්‍රතිකාර කිරීම තුවාලය සිදු වූ ආකාරය මත රඳා පවතී. අලුතින් සිදු වූ කැපුම් තුවාල ක්ෂුද්‍ර දර්ශක (Microscope) ආධාරයෙන් අලුත්වැඩියා කරනු ලැබේ. කල්ගත වූ තුවාල සඳහා ආබාධය නිවැරදි කිරීමට කණ්ඩරා මාරු කිරීම් (Tendon transfers) අවශ්‍ය විය හැක.

< මධ්‍ය ස්නායු තුවාල තොරැසික් අවුට්ලට් සින්ඩ්‍රෝමය >