කණ්ඩරාවක් (Tendon) යනු කුමක්ද?
කණ්ඩරාවක් යනු මාංශ පේශි අස්ථියට සම්බන්ධ කරන ශක්තිමත් පටක විශේෂයකි. මාංශ පේශිය හැකිළුණු විට කණ්ඩරාව මගින් අදාළ අස්ථිය හෝ ශරීර කොටස චලනය කරනු ලබයි.
කණ්ඩරා බද්ධයක් (Tendon Graft) යනු කුමක්ද?
ඇතැම් බරපතල තුවාල වලදී කණ්ඩරා පටක අහිමි විය හැක.
එවැනි අවස්ථාවලදී කණ්ඩරා වල කෙළවරවල් එකිනෙකාගෙන් ඈත් වන අතර ඒවා අතර හිඩැසක් නිර්මාණය වේ.
මෙම හිඩැස පියවීම සඳහා වෙනත් ස්ථානයකින් ලබාගන්නා කණ්ඩරා කොටසක් (Tendon graft) භාවිතා කරනු ලැබේ.
මෙම කණ්ඩරා කොටස් සාමාන්‍යයෙන් ලබාගන්නේ ශරීරයේ එතරම් වැදගත් නොවන කාර්යයන් ඉටු කරන වෙනත් කණ්ඩරා වලිනි.
බහුලව කණ්ඩරා ලබාගන්නා ස්ථාන වන්නේ පෙරබාහුව (Palmaris longus tendon), කලවා ප්‍රදේශය (Tensor fascia lata) සහ පාදය (Extensor tendons) වේ.
කණ්ඩරා ප්‍රතිසංස්කරණය යනු කුමක්ද?
බරපතල තුවාල නිසා අහිමි වූ කණ්ඩරා පටක වෙනුවට කණ්ඩරා බද්ධයක් යොදාගෙන සිදු කරනු ලබන සම්පූර්ණ ක්‍රියාවලිය කණ්ඩරා ප්‍රතිසංස්කරණය ලෙස හැඳින්වේ.