ප්‍රොනේටර් සින්ඩ්‍රෝමය යනු කුමක්ද?
අතෙහි සහ පෙරබාහුවේ මාංශ පේශි පාලනය කරන ප්‍රධාන ස්නායුවක් වන්නේ මධ්‍ය ස්නායුවයි (Median nerve). අත් නැවත නැවතත් වෙහෙසවන පුද්ගලයන්ගේ, මෙම මධ්‍ය ස්නායුව වැලමිට ප්‍රදේශයේදී තෙරපීමකට ලක්විය හැක. වැලමිට ප්‍රදේශයේදී සිදුවන මෙම ස්නායු තෙරපීම ප්‍රොනේටර් සින්ඩ්‍රෝමය (Pronator syndrome) ලෙස හැඳින්වේ.
රෝග ලක්ෂණ
මහපටැඟිල්ල, දබරැඟිල්ල සහ මැදඟිල්ලේ සංවේදනයෙහි වෙනසක් මෙන්ම මහපටැඟිල්ලේ දුර්වලතාවයක් ඔබට අත්විඳිය හැක.
රෝග විනිශ්චය
සායනික පරීක්ෂණ, X-ray පරීක්ෂණ සහ විද්‍යුත් රෝග විනිශ්චය පරීක්ෂණ මගින් මෙම තත්ත්වය හඳුනා ගනු ලැබේ. මධ්‍ය ස්නායුවේ කොටසක් පමණක් සම්බන්ධ වී සංවේදනයෙහි වෙනසක් නැතිව දුර්වලතාවය පමණක් ඇති කරන තත්ත්වය ඉදිරිපස අන්තර් අස්ථි ස්නායු සින්ඩ්‍රෝමය (Anterior interosseous nerve syndrome) ලෙස හැඳින්වේ.
ප්‍රතිකාර
ප්‍රතිකාර සඳහා දෛනික ක්‍රියාකාරකම් වෙනස් කිරීම සහ ස්නායු ලිස්සා යාමේ ව්‍යායාම ඇතුළත් වේ. සැත්කම්කින් තොරව ප්‍රතිකාර කිරීමෙන් සහනයක් නොලැබෙන රෝගීන් සඳහා සැත්කම් නිර්දේශ කරනු ලැබේ.